Top Menu

Ads Top

Featured Coupons

Featured Post

Most Viewed

Total Pageviews

Post Top Ad

ads

Archive

Latest Admit Cards

Videos

Technology

Sinhala Movies 20171 2 3 4 more

            

    ranja        

            

song

Sinhala  song

            

            

Business

Header Ads



Latest Syllabus

Text Widget

About







Navigation

Responsive Ads Here

Trending Now

මතක ශක්‌තිය වැඩිකරන කජු

මතක ශක්‌තිය වැඩිකරන කජු
උදාවන හැම වසරකම භාග්‍යයෙන් පිරි බක්‌ මාසයේත් වෙසක්‌ මාසයේත් කජු වාරය උදාවෙති. එම දෙමස තුළ ලංකාවේ කජු ඵල හටගෙන එහි අස්‌වනු ලැබිය හැකි වෙති. කජු පුහුලන් මෙන්ම කජු මද ද ඉතා මිහිරි රසය ගෙන දෙන පලතුරකි.

එක්‌ වර්ගයක්‌ කහපාටින් යුතු වන අතර අනෙක්‌ වර්ගය රතුපාටින් යුක්‌තය. කජු පුහුලන් කඩා එහි ඇටය ගලවා අයින්කර පුහුලන් පිහියෙන් දිග අතට තීරුවලට කපා ලුණුවතුරින් තෙමා අනුභව කරනු ලැබේ. එහි ඇට ගලවා වියළා කල්තබාගෙන එම ඇට කබලෙන් බැද හෝ පුළුස්‌සා හෝ ඇට තලා මදය ඉවත් කර කජු මද හකුරු සමග කෑමට යොදා ගනු ලැබේ. අමු කජු නාඹර කඩා පිහියෙන් හරි මැදින් පලා දෙපළුකර කජුමදය ගෙන කජුමද වෑංජන සාදා අනුභවයට ගනු ලැබේ. කජුවලින් බැදුම් සම්බල්ද සකස්‌ කර ආහාරයට ගනු ලබති. අප්‍රියෙල් මස අවුරුදුදා අවුරුදු කෑම මේසයට තබන හත්මාළුවට කජුමද මූලිකවම ගැනේ. සබරගමුව පළාතේ කජුමද මූලික වූ හත් මාළුව රත්නපුරයට නම් අනිවාර්ය වූ සංස්‌කෘතික උරුමයකි. අවුරුද්දටම එක්‌ වාරයක්‌ පමණක්‌ හටගනු ලබන හෙයින් ඉතා මිහිරි කජු පලතුර හැමදෙනාම කෑමට ප්‍රිය කරති. හොඳට ඉදුනු කජු පුහුලන් බිම වැටුණොත් තැලෙන බැවින් ප්‍රවේශම් සහිතව කඩා ගත යුතුය. බාගයට ඉදුණු පුහුලන් ආහාරයට ගත් අයට උගුරේ සාමාන්‍ය කසන ගතියක්‌ද ඇතිවේ.

මංගල උත්සව වලදී මංගල භෝජන ශාලාවේ මංගල කෑම මේසයේ ඈත යුගයේත් මෑත යුගයේත් අනිවාර්යයෙන්ම දැකීමට සහ ආහාර අනුභවයේදී රසවිඳීමට කජු වෑංජනය වරදින්නේ නැත. වර්තමානයේ වෙළෙඳපොළේ කජුටොපිද දැක ගැනීමට ඇත. දොදොල් සෑදීමේදී කජුමද යොදා ගනිති. එම නිසා කජු මද යොදාගත් දොදොල් මිහිරි රස දනවති. කජු පුහුලන් යුෂයෙන් ශාරීරික ශක්‌තීන් ලබාදෙති. ශරීරයේ සෝබමාන ගති ලක්‌ෂණ පහළ වෙති. එහි පැණි රස ගුණයත් සෞම්‍ය ගුණයත් ඌෂ්ණ වීර්ය සහ සම ශීතෝෂ්ණ ගුණයත් ර¹ පවතී. වෙළෙඳපොළේ වර්තමානයේ කජු මද ග්‍රෑම් පන්සීය, කිලෝව වශයෙන් ගැනීමට සකස්‌ කර තිබෙනු දක්‌නට ලැබේ.

පුහුලන් පැණි උරණ කජුගස්‌ රොද අස්‌සේ
කෑ මොර හඬ නඟයි වවුලන් රෑ තිස්‌සේ
එළිවෙන පැයේ හුල්එළිවල එලි ඔස්‌සේ
අහුලයි කොල්ලො කජු ඇට ලඩ ගම් පියසේ

කජු ගස්‌වල පල හට ගන්නා සමයේ මුළු රෑ මුළුල්ලේම වවුලන් කජු පුහුලන්වල පැණි උරා බීලා හපකරන ලද පුහුලේ ලඩය කජු ඇටය සමග බිම හෙළන්නේය. එසේ බිමට වැටුණු ලඩය සහිත කජු ඇට ගමේ කොලු කුරුට්‌ටන් හුලු එළි සාදාගෙන එළිවන යාමයේ කජු ගස්‌ යටට ගොස්‌ කජු ලඩ ගලවා දමා කජු ඇට එකතු කරන්නේය. අහුලා ගන්නේය. පසුව එකතු කරගත් කජු ඇට වියළා ගෙන කිලෝ ගණනට වෙළෙඳුන්ට අලෙවිකර මුදල් ලබා ගන්නේය. මෙම කජු ගස්‌ ශීතල දේශගුණය පවත්නා ප්‍රදේශවලත් තද වියළි ගතිය පවත්නා ප්‍රදේශවලත් වැවෙන්නේ නැත. සම ශීතෝෂ්ණ දේශගුණය පවතින ප්‍රදේශවල වැවෙනු ඇත. දකුණු පලාතේ බෙලිඅත්ත, වීරකැටිය, වලස්‌මුල්ල, හක්‌මණ, වලස්‌ගල, විතාරන්දෙණිය, මුල්කිරිගල, කිරම යන ප්‍රදේශවල බහුල ලෙස වැඩෙති. එම ප්‍රදේශවලින් කජු සමයේ කජු ඇට ලොරි ගණන් කොළඹ වෙළෙඳ පොළට ප්‍රවාහනය කරති.

කජු නාඹර ඇට කජු පුහුලන් සහිත ඇට වවුලන්ගෙන් ගිරවුන්ගෙන් ලේනුන්ගෙන්, රිලවුන්ගෙන් ප්‍රවේශම්කර ගැනීම ඉතා අසීරු කාර්යයකි. කජු ගස්‌ වලට හඬ නඟන ටක සවිකර සතුන් එලවීමට ගම්වැසියෝ යුහුසුළු වෙති.

ආයුර්වේදයට නැඹුරුව බැලීමේදී කජුවලින් නිවාරණයට ඉවහල් වන ගුණාත්මකභාවය,

ශාරීරික ධාතු පෝෂණය වැඩි කිරීම, ශරීර ශක්‌තිය ශරීර වර්ණය ගෙනදීම, ධාරණ ශක්‌තිය වැඩි වීම, මතක ශක්‌තිය වැඩිකිරීම කජුවල ගුණාත්මකභාවය ලෙස සඳහන් කළ යුතු වේ.

ස්‌ත්‍රී පුරුෂ දෙපéයේම හෝමෝනවල ක්‍රියා කාරිත්වය වැඩිවීමට උපකාරී වේ.


ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩසටහනට දිරිදීමක්‌ ලෙස මෙම ලිපිපෙළ ලියා පළ කරන ලදී.

Post a Comment


Designed by OddThemes | Distributed By Gooyaabi Templates